ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා ආරක්ෂක උපදේශනයක් නිකුත් කර ඇති අතර, මැදපෙරදිග කලාපයේ ගැටුම් උත්සන්න විය හැකි බැවින් ඉදිරි දිනවලදී ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන ලෙස ඉල්ලා සිටීබව වාර්තා වනවා.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිරන්තර අවධානයෙන් සිටීමේ වැදගත්කම පෙන්වා දුන් අතර, අත්‍යවශ්‍ය නොවේ නම් හැර තම සේවා ස්ථානවල රැඳී සිටින ලෙස ශ්‍රී ලාංකිකයන්ට උපදෙස් දුන්නේය.
හදිසි අවස්ථා වලදී තම සේවා ස්ථානවල ආරක්‍ෂක කුටි භාවිත කරන ලෙසත් දින කිහිපයකට අවශ්‍ය ආහාර සහ ඖෂධ ගබඩා කර තබන ගන්නා ලෙස උපදෙස් දුන්නේය.
ඇතිවිය හැකි ඕනෑම හදිසි අවස්ථාවකට ප්‍රතිචාර දැක්වීම සඳහා ඊශ්‍රායල රජය රෝහල් සහ ගිලන්රථ සේවා සූදානම් කර ඇති බව තානාපති කාර්යාලය ප්‍රකාශ කළ බව වාර්තා වනවා.
තමන් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන බැවින් අනවශ්‍ය බියක් ඇති කර නොගෙන ලෙස ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ඥාතීන්ගෙන් තානාධිපති බණ්ඩාර මහතා ඉල්ලා සිටි බව වාර්තා වෙනවා
ඊශ්‍රායලයට එරෙහිව එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ද තානාපතිවරයා සඳහන් කළ බව වාර්තා වනවා.
ඔබගේ අදහස පහතින් ලියන්න
අපේ මේ පාලකයෝ කරපු දේවල් නිසා තමයි පිටරටවල් වලට ගිහිල්ලා තමන්ගේ ජීවිත අවදානම අරගෙන රැකියා කරන්න වෙලා තියෙන්නේ මේවා කවදා හැදෙයිද කවදා වෙනස් වෙයිද
ReplyDelete