කණ්ඩායම් වශයෙන් රැස්වී ප්‍රතිඵල නැරඹීමට කටයුතු නොකරන ලෙසත් එය නීති විරෝධී කටයුත්තක් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පවසනවා.
ප්‍රතිඵල නිකුත් කර අවසන් වන තුරු මාර්ග බාධක හා පොලිස් කැරලි මර්දන ඒකකද යොදවා ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
තමන් සහයෝගය දක්වන අපේක්ෂකයා ජයග්‍රහණය කර හෝ පරාජයට පත් වුවද පුරවැසියෙක් ලෙස සාමකාමීව කටයුතු කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.