එදා ජනතාව විඳපු දුක දැක දැකත් අනුකම්පා නොකර පැන ගිය සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර දිසානායක මහතා බවත් ඒ අය රට ඉදිරියට ගෙන යාමට සුදුසුදැයි මේ රටේ ජනතාව තීරණය කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.
2022 ජූලි මාසයේ දී තමා ආණ්ඩුව භාරගෙන පළමුවරට සිදු කළේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබාදීමට කටයුතු කිරීම බවත් එම කන්න 04 සාර්ථක කර ගනිමින් රටේ වී නිෂ්පාදනය ඉහළ නංවා කුඹුරත් මුළුතැන්ගෙයත් පිරවීමට කටයුතු කළ බවද සඳහන් කළා.
සජිත් හෝ අනුර බලයට පැමිණිය හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම් වෙනස් කරන බවට ප්‍රකාශ කරන බවත් එසේ කළ හොත් ලැබීමට ඇති ආධාර නොලැබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා
ඒ අනුව ඔබේ අනාගය ගැන සිතා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබාදෙන ලෙසත් එසේ නොකළහොත් ගෑස් නැතුව සිටීමටද සිදුවන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
ඔබගේ අදහස පහතින් ලියන්න