මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ විරසිංහ මහතා පවසා තිබෙනවා.රියදුරු බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව හෝ රජය විසින් මෙතෙක් ගෙන නොමැති බව
ඒ මහතා වැඩිදුරටත් කියා තිබෙන්නේ ප්‍රවාහන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සලකා බලා රියදුරු බලපත්‍රයට අසාදු ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ක‍්‍රියාවට නැංවීම සඳහා කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවයි .
ඒ අනුව ඉදිරි මාස 03 ඇතුළත මෙම නව ක්‍රමවේදය ක‍්‍රියාත්මක කිරීමට අදාළ මූලික කටයුතු මේ වනවිට නිර්මාණය වෙමින් පවතින බවද සඳහන්.
නව ක්‍රමවේදය හරහා රියදුරෙකු රථවාහන වරදක් සිදුකිරීමෙන් පසු රථවාහන පොලිස් නිලධාරියා විසින් ලබාදෙන දඩ පත‍්‍රිකාව අනුව එම අවස්ථාවේදීම දඩ මුදල් ගෙවීම සඳහා වූ ඩිජිටල් පද්ධතිය සකසා ඇති බවත් එම වරදට හිමිවන දඬුවම් ලකුණු ප්‍රමාණය රියදුරු බලපත්‍රයට එකතු වන බවයි සඳහන කර තිබෙන්නේ.
මෙම අසාදු ලකුණු ක්‍රමවේදය ලකුණු 24ක් දක්වා ලබාගත් පසු රියදුරු බලපත්‍රය අවලංගුවීම සිදුවනු ඇති අතර එසේ අවලංගු වන රියදුරු බලපත්‍රය නැවත ලබා ගැනීම සඳහා රියදුරෙකු වසරකට පසු නැවත මුල සිට අප මුල් අවස්ථාවේදී රියදුර බලපත්‍රය ලබාගන්න අනුගමනය කළ ක්‍රමවේදය අනුගමනය කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා
ඔබගේ අදහස පහලින් ලියන්න
ඒක නම් ඇත්තටම හොඳයි කිසිකමකට නැතුව driving කරන අයගෙන් මිනිසුන් බේරගන්න
ReplyDelete