සබරගමුව මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ නිලධාරියෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තාවනවා. ඒ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව බවයි.
පින්නවල ප්රදේශයේ පුද්ගලයෙකු සිදුකරන ලද පැමිණිල්ලකට අනුව එම නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
පැමිණිලිකරුට අයත් බස් රථයක් ධාවනය කිරීමට ලබා දී ඇති වේලාවන් සංශෝධනය කර දීමට අදාළ නිර්දේශ ලබා දීම වෙනුවෙන් එම නිලධාරියා රුපියල් 60,000ක මුදලක් ලබා ගෙන ඇති බව අල්ලස් කොමිසම සඳහන් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර නිලධාරියා බලංගොඩ මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන සැප්තැම්බර් 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔබගේ අදහස් පහතින් ලියන්න
👍👍👍👍👍👍👍👍👍👍
ReplyDelete