ඩුබායි සිට නීතිවිරෝධීව තීරුබදු නොගෙවා මෙරටට ගෙන දුම්වැටි තොගයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළේ ඒකකය විසින් සැකකරු අද 01 අලුයම අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
සැකකරු සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 20000 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය කටුනායක ගුවන්තොටුපොළ ඒකකය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.

