Ads

බන්ධනාගාර නියාමක තනතුර සඳහා බඳවා ගැනීම් ඔක්තෝම්බර් මස දක්වා කල්‍යයි


                                                                         

ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා හා පිරිමි නියාමක තනතුර සඳහා බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


 සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් එදිනට පැමිණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී වන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී සිටින්නේ.


බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා හා පිරිමි නියාමක තනතුර සඳහා පැවැති පුරප්පාඩු සදහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කළ ගැසට්‌ පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වා තිබු බවයි සඳහන් වෙන්නේ.


එම ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූ අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව 2024.09.07 හා 08 වන දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබුණ ද, නොවැළැක්විය හැකි හේතුවක් නිසා එම දිනවලදී පැවැත්වීමට නොහැකිවීම නිසා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය ඔක්තෝබර් මස 05 හා 06 දිනයන් හිදී පැවැත්වීමට නියමිත බවයි ප්‍රකාශ කර සිටින්නේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.