කලින් twitter නමින් හැඳින්වූ දැන් X නමින් හඳුන්වන X සමාජ මාධ්‍ය ජාලය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.
X සමාජ මාධ්‍ය ජාල ගිණුම් හරහා අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට චෝදනා කරමින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රසීලයට නව නීතිමය නියෝජිතවරයෙකු පත්කරන ලෙස X සමාගමට කලින් නියෝග කර තිබුණත්, එම නියෝගය නියමිත කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීමට සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ගෙන ඇති බවයි වාර්තා වන්නේ.