ඊශ්‍රායලයේ මුදල් ඇමති Bezalel Smotrich සඳුදා අද සැලසුම් කර ඇති රටපුරා වැඩවර්ජනයක් වැළැක්වීම සඳහා හදිසි වාරණ නියෝග දෙන ලෙස එරට නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරනවා.
නීතිපති Gali Baharav-Miara වෙත ලිපියක් යවමින් Smotrich තර්ක කළේ වැඩවර්ජනයක් යුද සමයේදී ආර්ථිකයට හානි කරන බවත් භයානක පූර්වාදර්ශයක් තබන බවත්ය. එම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපති කාර්යාලය මෙතෙක් අදහස් දක්වා නොමැති බව විදේශ මාධ්‍යය වාර්තා කර තිබෙනවා.
මීට පෙර ප්‍රකාශ කර තිබුණේ, සඳුදා වැඩ වර්ජනයට සම්බන්ධ වන ඕනෑම කෙනෙකුට වැටුප් නොගෙවන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස මුදල් අමාත්‍යාංශයේ වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව ස්මොට්‍රිච් පැවසීය.
ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් නැවත ලබා ගැනීම සඳහා ආන්ඩුවට බලපෑම් කිරීම සඳහා ඊශ්‍රායලයේ විශාලතම කම්කරු සංගමයේ නායකයා වන, Histadrut ලෙස හඳුන්වන Arnon Bar-David විසින් රටපුරා මහා වැඩ වර්ජනයක් කැඳවන ලද බවයි වාර්තා වන්නේ.
එවැනි වැඩ වර්ජනයකට කිසිදු නෛතික පදනමක් නොමැති බව ස්මොට්‍රිච් පැවසුවේ, එය දේශපාලනික බවත්, රාජ්‍ය ආරක්ෂාවට අදාළ ප්‍රතිපත්ති තීරණවලට “අයුතු ලෙස” බලපෑම් කිරීම කරන බවත් ය පවසා තිබෙන බවයි වාර්තා කර තිබෙන්නේ .