Ads

අද කාලගුණ නිවේදනය



බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මාතර සහ ගාල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක සාමාන්‍ය වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් කරයි.


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන සුළඟේ වේගය පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකියි.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටිනවා. 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.