Ads

අද කාලගුණ නිවේදනය



බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් මාතර සහ ගාල්ල, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණු විද්‍යාද පර්තමේන්තුව සඳහන් කරනවා.


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75 ක පමණ තරමකතද වැසි ඇතිවිය හැකි බව සඳහන්.


නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. 


දකුණු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැක.


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට සුළඟේ වේගය පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාල කුණු විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.