Ads

කාලගුණයෙන් ධීවරයන්ට විශේෂ දැනුම් දීමක්



මධ්‍යම සහ යාබද උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි දින 2 (අගෝස්තු මස 30 සහ 31) තුළබටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇත. ඉන්පසු, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර උතුරු ආන්ද්‍ර ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ දෙසට ලඟා වනු ඇතැයි බලාපොරොත්තු වේ.


එම නිසා උතුරු අක්ෂාංශ 09 ත් 16 ත් සහ නැගෙනහිර දේශාංශ 82 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං (පැ.කි.මී. 70-80) පැවතිය හැකි අතර මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක.අද සහ හෙට දිනයන් (අගෝස්තු මස 30 සහ 31) තුල ඉහත මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දෙනු ලැබේ. මෙම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීසිටින්නන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ම…


මධ්‍යම සහ යාබද උතුරු බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් දින 2 ක අගෝස්තු මස 30 අද සහ 31 හෙට බටහිර-මධ්‍යම සහ ඊට යාබද වයඹ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරනවා. 


ඉන්පසු, එය බටහිරට බරව වයඹ දෙසට ගමන් කර උතුරු ආන්ද්‍ර ප්‍රදේශය සහ දකුණු ඔඩිෂා වෙරළ දෙසට ලඟා වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි සඳහන් කර තිබෙන්නේ.


එම නිසා උතුරු අක්ෂාංශ 09 ත් 16 ත් සහ නැගෙනහිර දේශාංශ 82 සහ 93 ත් අතර මුහුදු ප්‍රදේශවල ඉතා තද සුළං පැ.කි.මී. 70-80 පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැක බව සඳහන් කරනවා.


අද සහ හෙට දිනයන් අගෝස්තු මස 30 අද සහ 31 හෙට ඉහත මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැනුම් දී තිබෙනවා. මෙම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීසිටින්නන්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ දැඩි අවධානය යොමු කර සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා තිබෙනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.