Ads

සමාජ මාධ්‍යය ව්‍යාජ පළකිරීම් සිදුකළොත් නීතිය හමුවට

S

                                                                             

ජනපතිවරණ සමයේ සමාජ මාධ්‍ය තුළ තොරතුරු හුවමාරු කිරීමේදී සැලකිලිමත් වන්න - පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.


ජනාධිපතිවරණ සමයේ සමාජ මාධ්‍යයේ පොස්ට් හුවමාරු කිරීමේදි සැලකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, පුද්ගලයින්ට අපහාස වන පළකිරීම් සම්බන්ධයෙන් වඩා සැලකිලිමත් විය යුතු බව ප්‍රකාශ කර සිටියා එවැනි දේවල් ශෙයා කිරීමෙන් මළකින ලෙසද ඉල්ලා සිටියා.


විවිධ ව්‍යාජ ගිණුම් ඔස්සේ පළ කරන එවැනි පළකිරීම් හුවමාරු කිරීම මගින් ඔබ මැතිවරණ නීතිය යටතේ වරදකට හසුවිය හැකි බවද ඔහු ප්‍රකාශ කර සිටියා.


එවැනි සිද්ධි සම්බන්ධයෙන් ලැබෙන සියලු පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කිරීමට පියවර ගෙන ඇති බවද චරුක දමුණුපොල මහතා වැඩිදුරටත් පැවසීය.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.