Ads

මියන්මාරයේ මියාවඩි ශ්‍රී ලාංකිකයන් පිරිසක්


                                                                                 

මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ රඳවාගෙන පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු  ඊයේ 05  දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වෙනවා.


මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදවා ගැනුණු අතර තායිලන්තයේ බැංකොක් සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ බවයි වන්නේ.


ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ රඳවාගෙන චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන සිටී බවයි වාර්තා වන්නේ.


ඉන් 8 දෙනෙකු මීට පෙර මුදවා ගැනුණි.


තවත් 33 දෙනෙකු මියන්මාරයේ මියාවඩි නගරයේ සිට කිලෝමීටර 26 ක දුරකින් එම අපරාධ කල්ලි ග්‍රහණයේ සිටින බවයි සඳහන් වන්නේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.