Ads

රාජ්‍ය සේවකයන්ට වැඩි වූ වැටුප් ලැබීමට තිඛෙන්නේ ජනවාරි 01 වෙනිදා උදා වීම පමණයි



මේ මොහොතේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඡන්ද පොරොන්දු ඇතුළත් හුදු ලියවිල්ලක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.


ඊට මහා භාණ්ඩාගාරයේ මෙන්ම අමාත්‍ය මණ්ඩලයේද අනුමැතිය ලබා දී ඇති බැවින් එම ප්‍රතිලාභය ලැබීමට තවත් තිඛෙන්නේ ජනවාරි 01 වෙනිදා උදා වීම පමණක් බවයි ඊයේ 04 වෙනදා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.


ආර්ථික අර්බුදය උග්‍ර වූ අවස්ථාවේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට යෝජනා ඉදිරිපත් වූ බවත් රාජ්‍ය සේවක වැටුප නිශ්චිත බැවින් එය කිසි සේත් කප්පාදු නොකළ යුතු බව පවසමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කළ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ

. නිකුත් කළ නිවේදනය පහතින්.











Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. රාජ්‍ය සේවකයන්ට පඩි වැඩි කරයි දුප්පත් අපේ බදු මුදල් වැඩි කරයි මම නම් දකින හැටියට හැමෝටම සමසේ බෙදෙන්න නම් පඩි නෙමෙයි මේ බඩු මිල අඩු කරන්න ඕන ඔය යන සල්ලි වලින් එතකොට මුළු හි සියලුම මිනිසුන් අතර බෙදිලා යනවා පාලකයෝ දේශපාලන වාසි බලාගෙන වැඩ රටත් මේක කාලකන්නි දේශපාලු

    ReplyDelete