Ads

අද කාලගුණ නිවේදනය


                                                                         
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

 ඌව පළාතේ සහ මඩකලපුව, අම්පාර යන දිස්ත්‍රික්කවල ද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන කිහිපයක ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත‍්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විටඅමන තුළදී වේගය පැ.කි.මී. 35-45ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි සඳහන් .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.