නීතිඥවරයෙක්ගේ. නීතිඥ භාවය අහෝසි කරයි
මුදල් ලබාගෙන නිසි පරිදි නවඩුවකට පෙනී නොසිටි නීතීඥවරයෙකුගේ නීතිඥභාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙන බව වාර්තා වනවා.
අදාළ නීතීඥවරයා ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා හිමිනමකගෙන් රුපියල් ලක්ෂ 44ක මුදලක් ලබාගෙන, එම නඩුවට නිසි ලෙස පෙනී නොසිට ඇති බවයි එම නඩුවේ සඳහන් වෙන්නේ.
නීතිඥභාවයෙන් නෙරපා හරිනු ලැබූ පුද්ගලයා විසින් රුපියල් මිලියන තුනක වන්දියක් මාස තුනක් ඇතුළත පැමිණිලිකාර හිමිනමට ගෙවිය යුතු බවට නියෝග කර ඇතැයි වාර්තා වෙනවා