රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිඛෙන බවත් අගතියට පත් වූ පෙත්සම්කරුවන්ට රජය විසින් රුපියල් ලක්ෂ 33ක වන්දියක් ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිඛෙන වාර්තාවනවා.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සේවය කරන ලේඛන සහකාරවරු උසස් කිරීමේ විභාගය දින නියමයක් නොමැතිව කදැමීම තුළින් මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇතැයි සඳහන්.
රජයේ බලධාරීන් නිසි වේලාවට ගත යුතු තීරණ නොගැනීම හේතුවෙන් ජන ජීවිතයට බලපෑම් සිදුවන බවත් ඒ හරහා රාජ්‍ය සේවයේ ඵලදායීතාව කප්පාදු වීමට මඟපෑදෙන බවත් ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ සමස්ත ලංකා ලේඛන සහකාර සංගමයේ ලේකම් ඩී. එම්. එස්. දිසානායක මහතා ඇතුළු ලේඛන සහකාරවරු 132 දෙනෙකු විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක විභාගයට ගෙන එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර වෙන බවයි වාර්තා වන්නේ.