Ads

2024 ශිෂ්‍යත්වය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරයි



2024 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වනදා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.


එහි දැක්වෙන්නේ ඉහත විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බවය.

ඒ සඳහා 2024 මැයි 27 දින සිට 2024 ජුනි 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්පත් කැඳවනු ලැබේ.

කිසිඳු හේතුවන් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද අවධාරණය කරයි.


 විභාග මධ්‍යස්ථාන 2,649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බවයි වාර්තා වන්නේ, අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇති බවද සඳහන් වෙනවා.


මෙතෙක් එම ලේඛන නොලැබී ඇති විදුහල්පතිවරුන්ට www.doenets.lk හෝ  https://onlineexams.gov.lk/eic ලේඛනය බාගත හැකියි.



Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.