වෛද්‍යවරුන් අද විරෝධතාවයක් පවත්වන බව සඳහන් කර තිබෙනවා.
බස්නාහිර පළාත හැර දිවයිනේ අනෙක් සියලුම දිස්ත්‍රික්කවල රෝහල් ඉදිරිපිට අද 03 වැනිදා විරෝධතා ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කරනවා .
අද දහවල් 12.00 සිට 1.00 දක්වා කෑම පැය තුළ පැයක කාලයක් මෙම විරෝධතාවය ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සඳහන් කර තිබෙන්නේ.
එමෙන්ම බස්නාහිර පළාතේ විරෝධතාවය බ්‍රහස්පතින්දා සිදු කිරීමට නියමිත බව ප්‍රකාශ කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා ප්‍රකාශ කර තිබෙන්නේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද පිළිබඳ ජනතාවට සත්‍ය හෙළි කරන වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීමේ අරමුණින් විනය පරීක්ෂණ එයාත්මක කිරීම ඇතුළු ක්‍රියාමාර්ගයන්ට විරෝධය පළ කිරීමේ අරමුණින් විරෝධතා ක්‍රියාත්මක කරන බවයි සඳහන් කර තිබෙන්නේ.