Ads

ඡන්දය ගැන මතය විමසූ අයට වැඩ වරදි



2024 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරුන් විසින් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මත විමසමින් ඡන්ද පවත්වා ඒවා අන්තර්ජාලයට මුදා හැරීම සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන බව සඳහන් කරනවා.


අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කර සිටියේ.


අදාළ උපකාරක පන්ති ගුරුවරුන්, මැතිවරණය සම්බන්ධයෙන් අයුතු බලපෑම් කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවතින බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.