Ads

තරුණ පරපුර වෙනුවෙන් ප්‍රඥප්පත්තියක්


                                                                             

නව තරුණ පරපුර වෙනුවෙන් ප්‍රඥප්තියක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ රැවටීම කර හෝ අන්දවා තාරුණ්‍ය උපයෝගී කර ගනිමින් බලය ලබාගැනීමට නොවන බව සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.


වසර 76 ක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ සියලුම රට පාලනය කළ ආණ්ඩු කුමන හෝ සේවාවක් ඉටු කරා නම් ඒ රාජ්‍ය බලය සමඟ පමණක් බවයි ඊයේ 05 වැනිදා සමගි තරුණ බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.


මෙම තරුණ ප්‍රඥප්තිය සුවිශේෂී වන්නේ එහි ඉස්පිල්ලක් පාපිල්ලක් පාසා මහ පොළොවේ යථාර්ථයක් බවට පත් කිරීමේ පූර්ණ වගකීම තමන් භාරගන්නා බවද විපක්ෂ නායකවරයා සඳහන් කළා.


රටේ ප්‍රතිපත්ති සම්පාදන වැටසටහනෙහි පෙර ගමන් කරුවන් බවට පත්වී රටේ වර්තමානයේත් අනාගතයේත් වගකීම භාරගන්නා නායකයින් බවට ප්‍රවේශවීමේ ඉඩ ප්‍රස්ථාව තරුණයින්ට ලබාදෙන බවයි ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ. 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.