Ads

බිබිලේදී බස් දෙකක් ගැටී 47 ක් රෝහලේ


                                                                                 

ඊයේ මොනරාගල බිබිල නාගල ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකට ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු  රෝහල්ගත කර තිබෙන බව වාර්තා වනවා.


බිඛිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිඛිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ගමන් කරමින් තිබියදී ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.


බිබිල, ප්‍රදේශයේදී පෞද්ගලික ආයතනයක සේවකයන් රැගත් පෞද්ගලික බස් රථයක් සේවකයන් බැසීමට නවතා තිබූ අවස්ථාවේදී පසුපසින් පැමිණි ලංගම බස් රථයක් පෞද්ගලික බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.


එම පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන පිරිසක් රැගෙන යමින් සිටි අතරතුර ඇති ඌ අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇති බවයි වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කළේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.