අනුර කුමාර දිසානායක මහත්තයා මේ ළඟදී වැලිමඩට ඇවිල්ලා කතාවක් කළා.
මොකද කිව්වේ, නිමල් ඇමතිතුමා හැමදාම ඇමතිලු, මොන ආණ්ඩුව ආවත්! එයාට මොකක්ද තියෙන අමාරුව මම ඇමතිකමක් ගත්තට.
ඒ අයට ඇමතිකමක් කරන්න කොන්ද පණ නැති වුනාට, අපි ඇමතිකම් ගත්තේ අපිට මුකුත් ලබාගන්න නෙවෙයි, තමුන්නාසෙලට යමක් ලබාදෙන්න.
ඉතින් මිත්‍රවරුනි, අද ජනතා විමුක්ති පෙරමුණේ තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය මත පදනම් වුනු දේශපාලන ව්‍යාපාරයක්.
වැඩ කරන අයට කැමති නෑ. නිකමුන් වෙන්න තමයි ඕනේ.
ඊළඟට කියනවා අපි පක්ෂ මාරු කළා ලු. අපි එක එක ආණ්ඩුවලට සහයෝගය දෙනවලු. ඒ අය සහයෝගය දීපුවා අමතක වෙලා නෑ කාටවත්.
ඒ නිසා මිත්‍රවරුනි, ජනතා විමුක්ති පෙරමුණට කිසිදු වැඩපිළිවෙලක් නෑ.
ඔවුන්ට අවශ්‍ය ත්‍රස්තවාදය තුළින් මේ රටේ බලය ලබාගන්න. ඒකට ඉඩ තියන්න එපා.