ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක ෆැට්මන් ස්කූප් සිකුරාදා කනෙක්ටිකට් හි පැවති ඔහුගේ ප්‍රසංගයකදී ඇද වැටීමෙන් මියගි බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මියයනවිට ඔහුගේ වයස 53 ක් බව සඳහන් ඔහු කනෙක්ටිකට් හි හැම්ඩන් නගර මධ්‍ය උද්‍යානයේ පැවති ප්‍රසංගය අතරතුර ගීතයක් ගයන්නට පෙර පොඩි රැප් එකක් කරමින් සිටි අතර වේදිකාවේ පසෙකින් තිබුණ ඩීජේ කුටිය වෙත වෙත ගොස් එහි සිට යමක් කියද්දී එක්වරම කඩා වැටුණි.
වහා ක්‍රියාත්මකවූ වෛද්‍යවරු ඔහුට ප්‍රථමාධාර සපයා තිබූ බවත් නමුත් ඔහු රෝහලට ඇතුළත් කරන විට මියගොස් තිබූ බව වාර්තා විය.
මරණයට හේතුව පැහැදිලි නැතත් සැකපල කරන්නේ හදිසි හෘදයාබාධයක් වන්නට ඇති බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
වීඩියෝ එක පහතින් බලන්න
Watch the video below
පේනවා නේද මේ ජීවිතේ හැටි
ReplyDelete