Ads

ජනාධිපති ඇති කරන බිය තුළින් කොටස් වෙළඳපොල කඩා වැටෙනවා



රටේ ආර්ථිකය කඩා බිඳ වැටීමක් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරන ලෙස තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලා සිටින බව  ප්‍රකාශ කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරනවා.


ඔහු ඇති කරන බිය තුළින් කොටස් වෙළඳපොල කඩා වැටෙන බවත් එහි ප්‍රධාන වගඋත්තරකරුවා වන්නේ ජනාධිපතිවරයා බවයි ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටුව විසින් සංවිධානය කළ "National Business Forum” ව්‍යාපාරික සමුළුවට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ..


රටේ ජනාධිපතිවරයා ලෙස සහ මුදල් අමාත්‍යවරයා ලෙස රටේ ආර්ථික කඩා වැටීමක් සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කිරීම තුළින් ඔහු සැලසුම්සහගතව ආර්ථික අර්බුදයක් ඇති කර ගැනීමේ පරමාර්ථයකින් කටයුතු කරනවාදැයි සැකයක් ඇතිවන බවද දිසානායක මහතා සඳහන් කළා.


තම කණ්ඩායම ආර්ථිකය කඩා වැටීමට ඉඩ නොදෙන බවට ප්‍රකාශ කරන පසුබිමක, ඔහු පමණක් ප්‍රකාශ කරන්නේ ජාතික ජන බලවේගය පැමිණි පසු ආර්ථිකය වැට්ටවීමට කටයුතු කරන බව යැයිද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළා.


ආර්ථිකයේ යම් අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවත් ජාතික ජන බලවේගය ජනාධිපතිවරයාගේ අපේක්ෂාවේ ගොදුරක් බවට පත් නොවන බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේ.

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.