Ads

උප්පැන්න විවාහ සහ මරණ සහතික සඳහා online ක්‍රමවේදයක්


                                                                       

උප්පැන්න හා විවාහ සහ මරණ සහතික මාර්ගගතව සත්‍යාපනය කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.


 නව මාර්ගගත ක‍්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට කොන්සියුලර් කටයුතු අංශයේ මාර්ගගත සැලසුම හරහා ඔවුන්ගේ උප්පැන්න හා විවාහ සහ මරණ සහතික සත්‍යාපනය කරගැනීම සඳහා ඉල්ලුම් කළ හැකි බවයි එම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටින්නේ.


 අමාත්‍යාංශයට පැමිණ අයදුම් කිරීමේ අවශ්‍යතාව හෝ සත්‍යාපනය කරන ලද ලේඛන ලබාගැනීමට පැමිණීමේ අවශ්‍යතාව ඉවත් කරමින් සත්‍යාපිත සහතික, අයදුම්කරු වෙත විද්‍යුත් තැපෑලෙන් යවන බවයි සඳහන් කර තිබෙන්නේ.


ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියට පිවිස https://mfa.gov.lk/sin මාර්ගගත අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර විස්තර ඉදිරිපත් කළ පසු, අයදුම්කරුවන්ට අවශ්‍ය ගෙවීම් කිරීමට සබැඳියක් ලැබෙනවා ලැබීමෙන් පසු සහතික උත්පාදනය සහ සත්‍යාපනය සඳහා ගාස්තු මෙම සබැඳිය හරහා මාර්ගගතව ගෙවිය යුතු වන බවයි බවයි සඳහන් කර තිබෙන්නේ.


එම ගනුදෙනුව සම්පූර්ණ කිරීමෙන් පසු, සත්‍යාපනය කරන ලද ලේඛනය පාරිභෝගික පිටපත අයදුම්කරු විසින් සපයන ලද විද්‍යුත් තැපැල් ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවන ලබන බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.