වර්ථමානයේ රට තුළ තුන්වැදෑරුම් දේශපාලන අවශ්‍යතාවක් තිබෙන බව පොදුජන එක්සත් නිදහස් පෙරමුණේ ලේකම් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරනවා.
ක්‍රෝධය, වෛරය, ද්වේෂය පතුරවමින් ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජන එල්ල කරන දේශපාලන කණ්ඩායම් හිස ඔසවමින් සිටින බවයි (පොදුජන එක්සත් නිදහස් පෙරමුණ) එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.
එසේම බොරු පොරොන්දු ලබාදෙමින් ජනතාවට විහිළු සපයමින් ඉටු කළ නොහැකි පොරොන්දු ගැන කතා කරමින් ජනතා අභිලාෂයන් බිඳ හෙළන තවත් කණ්ඩායම් තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
එසේම තෙවනුව ශ්‍රී ලංකාව භූ දේශපාලනයේ බලවත් අනතුරකට මුහුණදී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අරගලය නමින් ක‍්‍රියාත්මක වූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ව්‍යාපාරය ක‍්‍රියාත්මක වූ බවද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.
එම තුන්දොස් දුරු කිරීම සඳහා නායකවත්ය සැපයීමට හැකි බලවේගයක් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ හරහා බිහි කරන බවයි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර සිටියේ.