ජනතාව වෙත ඉදිරිපත් කරනු ලබන්නේ ක්‍රියාත්මක කළ නොහැකි මැතිවරණ පොරොන්දු නොව දැනට රට තුළ ක‍්‍රියාත්මකව පවතින වැඩසටහන් බවද මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියා.
ඒ අනුව ජනතාවගේ අය කෙරෙන බදු මුදල් අවභාවිත වීම පිළිබඳව ජනතාව බියක් ඇති කර ගත යුතු නැති බවයි අමාත්‍ය සියඹලාපිටිය මහතා පවසා සිටියේ.
ආණ්ඩුව සෑම විටම රාජ්‍ය ආදායම ඉහළ නැංවා ගැනීමට කටයුතු කරන බවත් ඉන් ලැඛෙන බදු ආදායම යළිත් ජනතා සේවයටම යොදවන බවත්, ජනතාව වෙත ලැබී ඇති සහන අනුව තහවුරු වන බව අමාත්‍යවරයා කියා සිටියා.
රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම පමණක් නොව ඉදිරියේ දී ක‍්‍රියාත්මක කිරීමට නියමිත ධීවර සහ ගොවි ජනතාව වෙත සහන සැලසීමේ වැඩසටහන් ද ප්‍රායෝගිකව රට තුළ ක‍්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
ඔබගේ අදහස පහතින් ලියන්න