Ads

අද කාලකුණ නිවේදනය



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්  මාතර සහ ගාල්ල  දිස්ත්‍රික්කවලත් වැසි කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


මඩකළපුව දිස්ත්‍රික්කයේ සහ බදුල්ල සහ අම්පාර   සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.


අනිකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්,   ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ හම්බන්තොට විටින් විට පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ  විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං  සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.