Ads

ඊ ඩ්‍රයිවින් ලයිසන්



යාවත්කාලීන නොකළ සියලුම රියදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇති බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එවැනි තීරණයක් ගෙන නොමැති බවත් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා පැහැදිලි කළේය.

‌දැනට බලපත්‍ර යාවත්කාලීන කර නොමැති මිලියන 02කට ආසන්න රියදුරු බලපත්‍ර ලාභීන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමට නව ක්‍රමයක් හඳුන්වා දෙන බවද ඔහු අනාවරණය කළේය. තොරතුරු යාවත්කාලීන කිරීමේ නව ක්‍රමයක් ළඟදීම ක්‍රියාත්මක කරන බවත් සම්පූර්ණ යාවත්කාලීන ක්‍රියාවලිය මේ වසර අවසන් වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද කියා සිටියා.

1960 ගණන්වල ශ්‍රී ලංකාවේ පළමු රියදුරු බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දළ වශයෙන් මිලියන 12.3ක් රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති බව ද රූබසිංහ මහතා සඳහන් කළේය.

ප්‍රවාහන අංශයේ සියලුම සේවාවන් ඩිජිටල්කරණය කිරීම මේ වන විට සිදුවෙමින් පවතින බවත්  කළු සලකුණු සහ ස්ථානීය දඩ මුදල්  ඩිජිටල්කරණය සඳහා ප්‍රසම්පාදනය අවසන් වෙමින් පවතින බවත්. 2025 ජනවාරි 1 සිට, දඩ මුදල් සහ ස්ථානීය දඬුවම් මෙම නව ක්‍රමය හරහා ක්‍රියාත්මක කරනු ලබන බවත්, ඒ සඳහා සියලුම රියදුරු බලපත්‍ර සඳහා යාවත්කාලීන තොරතුරු අවශ්‍ය අවශ්‍ය බවත්ය.

2025 වසරේ මුල් මාස හය තුළ e-Driving license හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

‌මෙම අදහස් පළ කළේ අගෝස්තු 23 වැනිදා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.

ඔබගේ අදහස් පහතින් ලියන්න

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.