Ads

අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත්‍ර



 අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම  (22)පසුගිය සිට ආරම්භ කර තිබෙනවා.මගීන්ට දැන් www.pravesha.lk වෙබ් අඩවිය හරහා ඩිජිටල් දුම්රිය ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි අතර පෝලිම්වල රැඳී සිටීමේ අවශ්‍යතාවයක් නොමැති බව සඳහන්. 


ප්‍රවේශපත්‍ර පුද්ගලිකව මිලදී ගැනීමට කැමති අය සඳහා කවුන්ටර තවමත් පවතින බව. ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

‌ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

‌වාර ප්‍රවේශපත්‍ර සඳහා මෙම ඔන්ලයින් ක්‍රමය මේ වසර අවසන් වීමට පෙර හඳුන්වා දීමට අපි සැලසුම් කර තිබෙනවා.  මීට අමතරව, ඉදිරි මාස තුන තුළ දුම්රිය ආසන වෙන්කරවා ගැනීම සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා නව ක්‍රමවේද හඳුන්වා දෙනු ලබනවා.

‌ එතුමා මෙසේ ප්‍රකාශ කළේ පසුගිය 23 වැනිදා ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය


‌ඔබගේ අදහස පහතින් ලියන්න

Post a Comment

2 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.
  1. කවුරු කලත් වැඩේ නම් හොඳයි මොකද මිනිස්සුන්ට ඒක ලොකු පහසුවක්

    ReplyDelete