කටුපොත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකුට සහ ඔහුගේ ජීප් රථයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් යකටුව, මිනුවන්ගොඩ - වේයන්ගොඩ මාර්ගයේ සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ .
සැකකරු මීට පෙර හමුදා විශේෂ බලකා ඒකකයක සේවය කර ඇති 34 හැවිරිදි පුද්ගලයෙකු බවටයි සඳහන් වන්නේ.
සැකකරු සන්තකයේ තිබී ICE හා හමුදා නිල ඇඳුම් කට්ටල පහක් සහ ජීව උණ්ඩ 6 ක් සොයාගෙන ඇතැයි වාර්තා වනවා.
රැඳවුම් නියෝග මත සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ
ඔබගේ අදහස පහතින් ලියන්න