Ads

හිස්බුල්ලා සංවිධානයෙන් ඊශ්‍රායලයට ප්‍රහාරයක්



අගෝස්තු 25, 2024—හෙස්බොල්ලා සහ ඊශ්‍රායලය අතර උණුසුම්ව පැවති ගැටුම අද දැවැන්ත  විහාරයක් බවට පත්වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි. 


ඉරානයෙන් සහය ලබන හෙස්බොල්ලා සංවිධානය අද දිනයේදී ඊශ්‍රායලයට විශාල රොකට් ප්‍රහාරයක් එල්ල කළ බව සඳහන්. 320 කට වැඩි රොකට් සහ ඩ්‍රෝන් ප්‍රහාරයක් ඊශ්‍රායලයට එල්ල කළ බව සඳහන්. මෙම ප්‍රහාරය පළමු අදියර පමණක් බවත් තවත් ප්‍රහාර එල්ල විය හැකි බව අනතුරු අඟවා ඇත.  .


ඊශ්‍රායලයද ප්‍රහාර එල්ල කර ඇත, දකුණු ලෙබනනයේ හෙස්බොල්ලාගේ රොකට් පිහිටුවීම් ඉලක්ක කරමින් විශාල ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. 


මෙම ප්‍රහාරය, පසුගිය මාසයේ බේරුත් නුවරදී හෙස්බොල්ලා සංවිධානයේ ප්‍රබල නායකයෙකු වූ ෆුවාද් ශුකූර් ඝාතනය කිරීමේ පළිගැනීමක් ලෙස සිදු කරන ලද්දකි මෙම ඝාතනයෙන් පසු, දෙපාර්ශවය අතර උණුසුම් ගැටුම තවත් තීව්‍ර වී ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කරයි.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.