Ads

අද කාලගුණ නිවේදනය



බස්නාහිර, සබරගමුව, දකුණු හා වයඹ පළාත්වලත් මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

‌අම්පාර බදුල්ල සහ මඩකළපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

‌උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත‍්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට  පැ.කි.මී. 30-40  පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන් කරනවා.

‌ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු සහ තාවකාලික තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

‌ඔබගේ අදහස පහතින් ලියන්න 

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.