Ads

බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක්



බලශක්ති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්  ශ්‍රී ලංකාවේ ප්‍රථම ද්‍රවීකෘත ස්වභාවික වායු බලාගාරය ලෙස කෙරවලපිටියේ 'සොබාධනවි' බලාගාරය අද 28 විවෘත කෙරුණි.


ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. 


මෙම බලාගාරය මඟින් මෙරට ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 350ක විදුලි ධාරිතාවක් එක්කර ගැනෙන බව සඳහන්.


ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වභාවික ද්‍රවීකෘත වායු බලාගාරය වන කෙරවලපිටියේ 'සොබාධනවි' බලාගාරය ඉදිකරනු ලැබුවේ ලක්දනවි සමාගම විසිනි.


ඊට වැය කර ඇති මුළු මුදල අමෙරිකානු ඩොලර් මිලියන 220කි.


මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ, 2050 වනවිට අප දේශගුණික විපර්යාසයට මුහුණදීමේ ඉලක්ක සපුරාගත යුතු වන බවය.

 

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.