Ads

එදා හිටපු අනුර කුමාර අද දේශපාලන කරළියේ නැහැ

Sagara Kariyawasam, Anura Kumara Dissanayake


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කර තිබේ.


​අනුර කුමාර දිසානායක නමින් මීට පෙර ප්‍රබල විපක්ෂ මන්ත්‍රීවරයකු සිටි බවත්, එහෙත් ජනතාවගේ අවාසනාවට එම මන්ත්‍රීවරයා දැන් මෙරට දේශපාලන කරළිය තුළ දක්නට නොමැති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.


​අමාත්‍ය හඳුන්නෙත්තිගේ සංචාරය ගැන විවේචනයක්


එදා සිටි අනුර කුමාර දිසානායක අද සිටියා නම්, විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කරමින් පොළොන්නරුවේ සංචාරය කළ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිට වහාම කැබිනට් මණ්ඩලයෙන් සහ පාර්ලිමේන්තුවෙන් ඉවත් වන ලෙසට ප්‍රකාශ කරනු ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.


​නීතිය ක්‍රියාත්මක කිරීමේ ද්විත්ව ප්‍රමිතියක්?


එමෙන්ම රජයේ මුදල් රුපියල් ලක්ෂ 68 ක් වංචා කළ බවට චෝදනා එල්ල වූ අමාත්‍ය කුමාර ජයකොඩි එක් දිනක් හෝ රක්ෂිත බන්ධනාගාරගත කරන ආකාරයක් තමන් නොදුටු බවද සාගර කාරියවසම් මහතා පැවසීය.


​නමුත් සතොස ලොරියකට රුපියල් ලක්ෂ දෙකහමාරක් නොගෙවූ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුතුන් දෙදෙනා මාස තුනකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගත කර තබා ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය

Post a Comment

1 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.