Ads

ජයග්‍රහණයෙන් පසුව සාමකාමීව කටයුතු කරන අනුර කුමාර මහතා



මෙවර ජනාධිපතිවරණය ලංකා ඉතිහාසය වෙනස් කරන හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.


ජනතාව ඉතා උනන්දුවෙන් අද 21) දිනයේ සිය ඡන්දය භාවිතා කර ඇති බවයි සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.


ප්‍රජාතන්ත්‍රවාදී ලෙස සෑම කෙනෙකුටම තමන් කැමති අයෙකුට ඡන්ද දීමේ අයිතිය ඇති බැවින්, ඒ අයිතියට ගරු කරන අලුත් දේශපාලන සංස්කෘතියක් රටට අවශ්‍ය බවද, එබැවින් ජයග්‍රහණයෙන් පසුව සාමකාමීව කටයුතු කරන ලෙසද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.