පසුගියදා සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත‍්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලීසියට දැනුම්දී තිබෙන බව සඳහන්.
සලකුණු කරන ලද තැපැල් ඡන්ද පත‍්‍රිකාවක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ යම්කිසි පුද්ගලයෙකු විසින් මුදා හැර තිබු අතර එය සම්පුර්ණයෙන්ම නීති විරෝධී ක‍්‍රියාවක් බවයි මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටින්නේ.
ඒ අනුව අදාළ ඡායාරූපය සමාජ මාධ්‍ය වෙත යොමුකළ පාර්ශ්ව සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා උපදෙස් ලබාදී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කර සිටිනවා.
පසුගිය 4,5 සහ 6 යන දිනවලදී මෙවර ජනාධිපතිවරණයට අදාළ ව තැපැල් ඡන්ද විමසීම සිදු කෙරුණා අතර ඒ අතරතුර ලබා ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයට මුදා හැර ඇති බව අපට වාර්තා වන්නේ.