ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන බිත්තර මිලියන 03ක තොගය මෙම සතිය අවසානයේදී දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙන බව වාර්තා වනවා.
ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බවයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරී වලිසුන්දර මහතා සඳහන් කළේ.
මෙලෙස ආනයනය කරන බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ