Ads

ධීවරයන්ට සුභම සුභ ආරංචියක්



ශ්‍රී ලංකා බහුදින ධීවර යාත්‍රාවල ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නව තාක්ෂණික උපකරණයක් හඳුන්වාදීමට එක්සත් ජාතින්‍ගේ කෘෂිකර්ම හා ආහාර සංවිධානය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.


එම සංවිධානය පවසා තිබෙන්නේ, ඉන්ධන භාවිතය කාර්යක්ෂම නොවීම නිසා මත්ස්‍යය අස්වැන්න නෙළීමේදී පිරිවැය ඉහළ ගොස් ඇති බව සඳහන් කර තිබෙනවා.


එක්සත් ජාතින්‍ගේ කෘෂිකර්ම හාආහාර සංවිධානයේ මග පෙන්වීමෙන් නව තාක්ෂණික උපකරණය අප රටේදීම නිෂ්පාදනය කිරීම විශේෂත්වයක්.


එම නව උපකරණය අත්හදා බැලීම් මේ වනවිට සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.


නව උපකරණය බහුදින ධීවර යාත්‍රාවල සවි කිරීමෙන් පසු ඉන්ධන නාස්තිය 20% කින් පමණ අඩුවන බව හෙළිව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට කාර්යාලය විසින් ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.