කිසිම අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බව සමගි ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතු වන බවත්, එම වැඩපිළිවෙල ක‍්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටින බවයි ගාල්ල ප්‍රදේශයේදී පැවති ජන රැළියක් අමතමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.
21 වනදා මැතිවරණය ජයග්‍රහණය කර සමගි ජන බලවේගය එක්වන්නේ රටේ ලක්ෂ 220 ක් වූ ඡනතාව සමඟ පමණක් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
ජරා ජීර්ණ වුණු අන්ත දූෂිත දේශපාලන හවුල්වලට තමන් හෝ තම පක්ෂය නොයන බවයි ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් සඳහන් කළේ.