නීතිඥ වෘත්තීයේ නිරත වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබියදී එම නියෝගය උල්ලංඝනය කරමින් නීතිඥ වෘත්තීයේ නිරත විම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින කැකිරාව ප්‍රදේශයේ පදිංචි නීතිඥවරියකට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ අනුව මෙම නීතිඥවරියට අදාළ පැමිණිල්ල ඊයේ එස්. තුරෙයි රාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබ තිබුණා.
එම අවස්ථාවේදී වග උත්තරකාර නීතිඥවරිය අධිකරණය ඉදිරියේ පෙනී සිටි අතර නීතිපතිවරයා විසින් කෙටුම්පත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට අදාළ චෝදනා පත්‍රය ඇයට විවෘත අධිකරණයේ කියවා භාරදී තිඛෙනවා.
පසුව අධිකරණය කළ විමසීමකදී වග උත්තරකාර නීතිඥවරිය සඳහන් කර තිබෙන්නේ, තමන් අදාළ චෝදනාවලට නිවැරදිකාරිය බවත් කැකිරාව නීතිඥ මණ්ඩලයේ නිලධාරියෙක් තමන් හා අමනාපයෙන් පසුවන බවත් තමන්ගෙන් පළිගැනීම සඳහා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව අදාළ චෝදනා පත්‍රය සැප්තැම්බර් මස 24 වැනිදා විභාගයට ගැනීමට නියෝග කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වගඋත්තරකාර නීතිඥවරියට අධිකරණයේ අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කර තිඛෙන බව වාර්තාවනවා.
ඔබගේ අදහස පහතින් ලියන්න