Ads

අද කාලගුණ නිවේදනය

Today's weather forecast


මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත්  වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ඌව පළාත්වල සහ නැගෙනහිර සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසනවා.


වයඹ පළාත්වලත් සහ උතුරු, උතුරු මැද සහ  හම්බන්තොට සහ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කවලත් විටින් විට  පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව කාල විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං මගින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.