Ads

අද කාල ගුණ නිවේදනය



බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


නැගෙනහිර සහ  පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේත් ඌව පළාතෙත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී  ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කලා.


මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 30-40 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වෙනවා.


ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි  අකුණු මඟින් සහ තාවකාලික තද සුළං වලින්  සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

ඔබගේ අදහස් පහලින් ලියන්න

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.