Ads

ඒ අනුව මම අරගල භූමිය සුද්ද කළා



මේ රට ප්‍රපාතයට වැටී තිබූ අවස්ථාවේ රටේ ජනතාවට නිදහසේ ජීවත්වීමට අවශ්‍ය වතාවරණය නිර්මාණය කිරීමට කටයුතු කළේ, වත්මන් ජනාධිපති ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා බව අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.



ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මුල්ම අභියෝගය වූයේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම බවයි.



කුමන ගැටලු තිබුනද රට සුද්ද කිරීමට කටයුතු කරන බවට තමන් තීරණයක් ගත් බවත් ඒ අනුව ගාලුමුවදොර අරගල භූමිය ඇතුළු අනෙක් ඒවා සුද්ද කර ජනතාවට සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකි වාතාවණයක් සැකසීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.