Ads

නැගෙනහිර සියලු දෙනා එක්වී ආණ්ඩුවක්

                                                                                       


රටේ පළමු වතාවට උතුර, දකුණ, නැගෙනහිර සියලු දෙනා එක්වී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට සූදානම් වියයුතු බව ජාතික ජන බලවේගයේ නායක ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.


රටේ ජාතික සමගිය නිර්මාණය කිරීමට කටයුතු කළ යුතු බවයි යාපනය ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් අනුර කුමාර මහතා මේ බව සඳහන් කළේ.


දේශපාලනය යනු මහජන සේවයක් බවත් එම දේශපාලනය ලංකාවට අවශ්‍ය බවත් එම දේශපාලනය ලංකාව තුළ ජාතික ජන බලවේගය ආරම්භ කරන බවද දිසානායක මහතා ජන රැළිය අමතමින් සඳහන් කළේය.


එහෙට මෙහෙට පනින දේශපාලනය නතර කළ යුතු බවත් මන්ත්‍රීවරයෙක් පක්ෂය මාරු කළහොත් මන්ත්‍රී ධූරය අහෝසි වන නීති ශක්තිමත් කරන බවයි දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.