දේශපාලකයා පිළිබඳ ජනතාවට ගෞරවයක් හා විශ්වාසයක් ඇති කිරීම සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වූ වහාම පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදෙන විශ්‍රාම වැටුප අහෝසි කිරීමට කටයුතු කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ලබාදෙන වාහන බලපත්‍රය අහෝසි කරන බවත්, ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ලඛාදෙන නිල නිවස ද, විදුලි ගාස්තු හා ජල ගාස්තු ගෙවීම්ද අහෝසි කරන බවයි ඛණ්ඩාරවෙල පැවති ජන රැළියකට එක්වෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ.
ඇමතිවරුන් පිටුපස වාහන විශාල ප්‍රමාණයක් ගමන් කිරීම අහෝසි කරන බවත්, තර්ජනයක් ඇත්නම් පමණක් පොලිස් ආරක්ෂාව ලබාදෙන අතර, තර්ජනයක් නැත්නම් ඇමතිගේ දොර ඇරීම සඳහා පොලිස් නිලධාරීන් ලබා නොදෙන බව ඔහු ප්‍රකාශ කළා.
හිටපු ජනාධිපතිවරුන් බලා ගැනීම නතර කිරීමට කටයුතු කරන බවද, එවිට රට ගැන වුවමනාවක් ඇති අය පමණක් දේශපාලනයට පැමිණෙනු ඇති බවයි ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත සඳහන් කළේ.
👍👍
ReplyDelete