මේ වන විට පාර්ලිමේන්තුවේ පුරප්පාඩු වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ඒ සඳහා කරුණාරත්න පරණවිතානගේ මහතාගේ නම ගැසට් කර තිබෙනවා.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී තලතා අතුකෝරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා මෙම නම් කිරීම සිදුකර ඇති බවයි වාර්තා වෙන්නේ.
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරලම හත්මිය සිය ධුරයෙන් ඉවත්වීමට තීරණය කළ බව පසුගිය අගෝස්තු 21 වනදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කර තිබුණා.
ගැසට් නිවේදනය පහතින්.