2024 ජනාධිපතිවරණය සඳහා අදාළ නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදා හැරීමේ කටයුතු සැප්තැම්බර් 3 වනදා ආරම්භ කරන බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පවසනවා.
විශේෂිත දිනය ලෙස සැප්තැම්බර් මස 08 වනදා නම් කර ඇති අතර රජයේ නිවාඩු දිනයක් වන ඉරිදා දිනයේ පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
නිල ඡන්ද දැන්වීම් පත‍්‍රිකා බෙදාහැරීමේ කටයුතු සැප්තැම්බර් මස 14 වනදා දක්වාම සිදුකරන බවද ඔහු සඳහන් කළේය.
යම් හෙයකින් 14 වනදා දිනය වන තෙක් නිල ඡන්ද පත‍්‍රිකා දැන්වීම් නොලැබුනහොත් තමන්ගේ ඡන්දය ලියාපදිංචි කර ඇති ලිපිනය අයත් තැපැල් කාර්යාලයෙන් සිය අනන්‍යතාවය තහවුරු කර තමන්ට හිමි නිල ඡන්ද පත‍්‍රිකාව සිය අත්සන යොදා ලබාගත හැකි බවයි නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා සඳහන් කර සිටියේ.